වස්සානය

             වස්සානය නුබ ආයෙත්
             මා බලන්න පැමිණියාද
             එද්දී මා මියයන හැටි
             දැක නුබෙ හිත වැළපුනාද
             නුබම දුන්නු කොළ ගෙඩි මල්
             නුබ නොදැකම ගිලිහුණාද
             මා හැරදා ඇයි ගියෙ නුබ
             මා දුක් වුනු රග පෙනේද...
             ආයෙත් නුබ යන්න එපා
             ගිම්හානය දුක් ගෙනේවි
             නුබෙන් ලැබුනු මුදු සිහිලැ
             නොමැතිව මම දුක් විදීවි
             මතක් වුනොත් හනික එන්න
             මග බලමින් හිත තියේවි
             යළි එන්නට පමා වුනොත්
             නුබ එද්දී මා මියේවි.....
                                                                                                --------------මාලිකා--------------

No comments:

Post a Comment