තාත්තා ගිහින් අදට අවුරුද්දක්.......

තාත්තා ගිහින් අදට අවුරුද්දක් ........
නොදිලෙනා තරු රැයක්
දුක්බරද කෙතරම්...
තරු අහුරක ඉතින් 
ඔබ හිදිනු ඇත සිතුවෙම්....                        
අනේ යන්නට නොදී ඉන්නට
හැකිවුණා නම් හැබැහින්...
තාත්තේ මට දුකයි අදනම්
නොකියාම ගිය නිසානම්...
.... මාලිකා.....

හීන


හිතෙන්නෙම නුබ මට ආදරේ නැතිවගදැනෙන්නෙම නුබට මං වටින්නෙ නැති බවහිත කියන්නෙමනුබව අමතක වෙන තරමටමහිත සැනසෙන බවඒත්... මගෙ ජීවිතේ තියෙන්නෙමනුබ ඉන්න හීනවල..ඉතින් නුබ දන්නවද මේ හිත දන්නෙදුකින් රිදෙන්න විතරක්ම බව......

තාත්තා

අරපේන දේදුන්න
මගේ හිත පිරෙව් හැටි
නිල් අහස මැද දිලේන
ඔබයි මගේ තාරපති.....

ඇය සේම ඔබත් මා
අසලින්ම හිදින්නැති
ඔ නැතත් ඔබේ පැතුම්
මා වටා පිරෙන්නැති........

නිහඩව කෑ ගසා
දුක් ගිනිද දැරෑ ඔබ
සෙනෙහසින් අප වටා
පවුරක්ව සිට්යෙ ඔබ
සිප් කිරද පොවා
මේ සිත් හතර තැනු ඔබ
අදත් මේ හිත් අතර
වීරයා නොවෙිද ඔබ...

අහසක්ය අලු පාට
විටකදි රලු පාට
සයුරක්ය සෙනෙහසේ
රැලි නැගෙන රන් පාට...
අදුරැ වේ ගෙයි පාට
කතාබහ අඩු දාට
කදුලක්ය වැඩිදාට
ඔබේ කතා සැර පාට...

දිනෙක ඔබ පැම්ණි ඒ
නිවාඩුව වෙන්න ඇති
අතපුරා රස කෑම
හිත පුරා කන්න ඇති
නිවාඩුව පුරා ඔබේ
සෙනේ අපි විදින්නැති
මතක්වෙන ඒ මිහිර
අතීතයේ සුවද ඇති...

මගෙ පැටවු අද ඔබේ අතගේන
මා වගේ දුව පනින අන්දම
දකින සිත ගොස් අතීතය වෙත
ඔබව සිහිකර ලොවම පෙන්වා
කියා දුන් හදවතේ සුන්දර
කෙනෙකු වේනම් ඒ තමයි ඔබ...
නොකිවත් ආදරේ උතුරන...

පොත් කවර පුරා
ඔබේ හැඩකාර අකුරැ විය
දිනෙක ඔබ පැමිනෙනා
අත් අතර රසම විය
අදත් ඒ මග බලන
හිත් අතර මාද විය
මතකයයි මා ඔබේ
සෙනෙහසේ උසම තැන.....
                                               ---------------------------💗මාලිකා💗---------------------

වසන්තය පැමිණියද


වසන්තය පැමිණියද
පිපුනු මල් හැඩ නැතී
සද වටා පෙම් කෙරූ
තරු පොකුරු දුක් වෙවී                        
 සයුරු තෙර රැලි නැගී                       
යලි හැපෙන හදවතේ
දුකින් නම් ඔබ ඉතින්
මට කොහිද හසරැලී....

පිබිදෙන්න උගන්වා
ගොහොරුවෙන් විත් උඩට
ලෝකයම දකිද්දී
හැඩවෙවී උනුසුමට...
පිපුනු මල් වෙහෙසෙමින්
සොයද්දී හිරු එලිය..
කදුලු කුමටද ඉතින්
වසන්තය විදිනු මිස.......
                                              --------------මාලිකා--------------

අම්මා


ප්‍රේමයද මේ ...........?

නුබෙ සිනා ළග
දිවි පුදා හෝ
රැක ගන්න වෙරදරන                               
ප්‍රේමයද මේ.......?
නුබෙ කතා ළග
හඩ හඩා හෝ
රැකගන්න දිවිපුදන
ප්‍රේමයද මේ.......?
සදහටම මගේ යැයි
කිය කියා රිදුම් දෙන
හදවතම කොනිත්තන
ප්‍රේමයද මේ ...........?
                                  ----------මාලිකා---------

උපන්දින සුභපැතුම

දින ගනිමින් මග බැලූ
පුදුම කරන්නට වෙර දැරූ
ආදරය උතුරමින් පිරිනැමූ
සුබ පැතුම් මා උපත සිහිකරන්
දිනෙන් දින හදවතේ
සියුම් තැන් පිරිමැදුනු                                       
නුබේ සුබ පැතුම් මා
හදවතේ මල් පිපුනු
අදත් ඒ ලෙසින් පෙර
සොයා යන කලට සිත
නවත්වන්නේ කෙලෙස
මේ දැනෙන දුක් සුසුම්
වියපත්ව මියෙන්නේ මා මිසක
මගේ සෙනෙහස නොවේනම්
කුමට නුබ පමා මේ හැටි
සුබ පතන්නට
නුබට මා අයිති වන්නට මග කියූ
මගේ උපත........
                                                                                  -----------------------------මාලිකා---------------

වස්සානය

             වස්සානය නුබ ආයෙත්
             මා බලන්න පැමිණියාද
             එද්දී මා මියයන හැටි
             දැක නුබෙ හිත වැළපුනාද
             නුබම දුන්නු කොළ ගෙඩි මල්
             නුබ නොදැකම ගිලිහුණාද
             මා හැරදා ඇයි ගියෙ නුබ
             මා දුක් වුනු රග පෙනේද...
             ආයෙත් නුබ යන්න එපා
             ගිම්හානය දුක් ගෙනේවි
             නුබෙන් ලැබුනු මුදු සිහිලැ
             නොමැතිව මම දුක් විදීවි
             මතක් වුනොත් හනික එන්න
             මග බලමින් හිත තියේවි
             යළි එන්නට පමා වුනොත්
             නුබ එද්දී මා මියේවි.....
                                                                                                --------------මාලිකා--------------

හද සිතුවමක්

      හද  සිතුවමක්

                       සිතුවමක් වී හද පුරා
                       නුබෙ රුවම එහි අන්දවා

                       ආදරේ කවි රෑ පුරා
                       මා ලියූ හැටි සිහිවෙලා
                       මගෙන් නොපිරුනු
                       නුබේ හදවත
                      කොනට වී මං දුක්වුණා
                      ඒ තරම් දුර
                      ගියපු නුබ වෙත
                      ඇයිද මේ හැටි පෙම් කළා.......
                                                                  --------------------------මාලිකා---------------


එක කවි හිතක්

                                               එක කවි හිතක් 

                 මේතරම් සිතුවිලි

                 ‍කොහි  තිබුනි සැගවිලා

                 හිතන්නත් බෑ මට ම

                 මගේ  හිතද  මේකියා...                                           

                                                                    -----------මාලිකා-------------